Wednesday, February 20, 2013

                                         
                                                   මමත්වය  සහ සත්‍යය 







 

 ''  මට සමහර අය මුණගැහිලා තියෙනවා 'මම' කියන  එක නෑ කියලා දැඩි මමත්වයකට ආපු අය.සමහරු
මගෙ ලගට ඇවිල්ල කියනව  "මට තේරිල තියෙන්නේ මේකෙ  'මම' කියල එකක් නැ කියලා.හැබැයි මගෙ අවබෝධය තමයි හරි කියල."  එතකොට එයා හිතාගෙන ඉන්නවා එයාට 'මම' කියල එකක් දැන් වැටහෙන්නේ නෑ කියලා.ඒ නිසා 'මම හරි' කියලා.එතකොට බලන්න 'මම' කියන අදහසින් නිදහස් වෙන්න ගියාම හිටියටත් වඩා මමත්වයකට ඔහු වැටිලා.ඒ වගේ තවත් සමහරු එනවා.ඒ අය ස්වාමින්වහන්සේලාට වඳින්නේ නෑ.ඇයි සංඝයාට සලකන්නේ නැත්තෙ? ' කියලා අහපුවාම  ' නෑ ....මම ශ්‍රේෂ්ඨයි ' කියනවා. බලන්න  'මම' කියන අදහසට  'මම නෙමෙයි' කිය කියා පැටලී යන හැටි.කොච්චර දුශ්කරද මේ ධර්මය තේරුම් ගැනීම?මමත්වයෙන් නිදහස් වෙලා හේතුපල දහම හරියට තේරුම් ගත්තොත් ඔහු තුල ඇතිවෙන්න ඕන නිහතමානි කමයි.නිහතමානී කම ඇතිවෙන්නෙ නැතුව ඔහු තුල මාන්නයක් හටගන්නවා නම්,ඒක ඔහු තුල හටගත්තු අතිරේක අර්බුධයක්.කලින් නිහතමානීව හිටපු කෙනාට අවබෝධයක් ඇතිවුනා කියලා මාන්නයක් හටගත්තා නම් දැන් ප්‍රශ්න දෙකක්නේ...ඒ නිසා මමත්වයෙන් නිදහස් වෙනවා කියන එක ඉතාමත් බුද්ධිමත්ව තෝරා බේරා ගත යුතු එකක්.........''

ඇත්තටම මේ මාතෘකාව ගැන ලියන්න අදහස් කලේ ගොඩාක් හිතල බලලා.මා විසින් ලඟදි කියවු එක්තරා හිමිනමකගේ පොතකින් තමා මේ උපුටා ගැනීම සිදුකලේ.


අපි සරල බසින් මමත්වය කියලා අදහස් කරන්නේ තමන් ගැන පමණක් සිතන එක උනාට මමත්වය කියන දේට ඊට වඩා ගොඩාක් ගැඹුරු අර්ථයක් තියෙනවා.තමන් සිතන දේ පමනක් නිවැරදියි කියලා හිතන්න අපෙ සමාජයේ කොච්චර දෙනෙක් පුරුදු වෙලා ඉන්නවද?එදිනෙද ජීවිතයෙ වගේම තම තමන්ගෙ ආධ්‍යාත්මික
 ජීවිතය තුලත් මේ විදියට හිතන්න ගොඩාක් අය පෙළඹෙනවා.ඔබට ඔබේම දක්මක් තියෙන්න පුලුවන්.නමුත් ඉන් අදහස් වෙන්නේ නෑ ඔබ ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගත යුතුයි කියලා.ඉස්සර මිනිස්සුන්ට වඩා දැන් ඉන්න මිනිස්සු බුද්ධිමත්.අතීතයේ එක හෙලා පිලිගත්තු දේවල් අද වෙනකොට මිනිස්සු අභියොගයට ලක් කරනවා.ඒකෙ හොඳ පැත්තකුත් තියෙනවා.අන්ධ භක්තියෙන් තොරව ජීවත් වීමත් වටිනා දෙයක්.නමුත් ඒකෙ අනන්තයට මිනිස්සු ගමන් කරන එක කොහෙත්ම සුභදායක නෑ.

තමා පමණක් නිචැරදියි යන මානසිකත්වය යමෙක්ගේ සිතට දැනෙන්න පුලුවන් ආයාසයකින් තොරවම.නමුත් එසේ පැමිනෙන සිතිවිලි හුදෙක් තමා විසින්ම විසදාගත යුතුය.එසේ නොමැතිව ඔබ ඔබවම අදහමින් සත්‍යය මග හැරීම කිසිවිටකත් විමුක්තිය උදා කර ගැනීමෙ මාර්ගය නොවේ.

අවසාන වශයෙන් මෙම ලිපියට අදාලව ඉදිරියටත් ලිපි පල කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි.එ නිසා ඔබේ අදහස්ද ඉතා වටී.....


       

3 comments:

  1. පළ කරන්න.. කියවන්න! :)

    ReplyDelete
  2. දිගටම එන්න අපි එනවා බලන්න

    ReplyDelete
    Replies
    1. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරානං රටක් වටිනවා

      Delete