Monday, February 4, 2013

             මගේ  දවසේ  සිතිවිල්ල................



කවි  සිතුවිලි  වලින්  හදවත  මගෙ  පිරී            ඇතේ
සිතුවිලි වදන් ලෙස පෙරලිය යුතුව                  ඇතේ
නව BLOG  පිටුව  සෑදුව  මුත්  සිතූ                  මතේ
සැකයක්  පැන නගි  දැනටම මගේ                   හිතේ

රසබර කවි තනන්නට දස්කම් ඇත්තෙක්           නොවෙමි
එනමුදු කවි රසත් බත් රසත් වෙන්වෙන්                   දනිමි
මෙපමණ කලක් සිතිවිලි සිර කර ගෙන                 උනෙමි
දොරටු වඩින්නට මෙලෙසින් අවසර                        පතමි

මෙය කිසිවෙකු නොබැලුවත් මා හට කමක්         නැත
බනිමින් ගැරහුවත් මා හට වගක්                          නැත
සිත තුල ඇති දේ කීමට දැන් මගක්                       ඇත
හැකි නම් අරිනු මදකට පියවුනු ඔබේ                 නෙත

අදිරද  සෙවනැලින් මිදුනෙමු එදා අද වන්        දිනෙක
තිස් වසරක යුද ගිනිත් නිවි ගොස් ඇති           කලෙක
ලැබු නිදහසෙන් නිසි වැඩ ගනු තබා               පසෙක
අන්තවාදි කම් ඇයි මේ එක්සත්                        රටක

ඔබ ඉපදුනු රටට දිවි මෙන්                     සලකන්න
අන් සැම දහමටම නිසි ගෞරව                   දෙන්න
යුදයෙන් දිනු දෙයක් නැති බව               දැනගන්න
කල කම් පමණ ගෙනියන බව                 සිහිගන්න

3 comments:

  1. හොඳ ආරම්බයක්...දිගටම ලියන්න.
    ජයම වේවා..

    ReplyDelete
  2. බොහොම ස්තුතියි.......

    ReplyDelete